Jun 30, 2020

හෆීස් ඇතුළු ක්‍රීඩකයින් 6කට එංගලන්ත සංචාරයට අවසර

දෙවරනි වරටත් කළ කොඩිඩ් - 19 පරීක්ෂණයේ ප්‍රතිඵල රිණාත්මක වීමත් සමගින් හිටපු නායක මොහොමඩ් හෆීස් ඇතුළු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් හය දෙනෙකුට එංගලන්තයේ සංචාරයට ගිය සෙසු කණ්ඩායමට එක්වීමට අවසර ලබා දී ඇති බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය පවසයි.

ෆකාර් සමන්, මොහොමඩ් හස්නේන්, මොහොමඩ් රිස්වාන්, ෂදාබ් ඛාන් සහ වහබ් රියාස් මෙහි අනෙකුත් ක්‍රීඩකයින් වේ.

මෙම සංචාරය ටෙස්ට් තරග 3 ක් සහ විස්සයි - 20 තරග 3කින් සමන්විත වන අතර නිශ්චිත දිනයන් තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.

මුව ආවරණ පැලඳ, සමාජ දුරස්ථභාවය රඳවා තබා ගනිමින් සිය එංගලන්ත සංචාරය ආරම්භ කිරීම පාකිස්තාන ක්‍රීඩකයන්ට මෙන්ම සත්කාරක එංගලන්තයට ද නව අත්දැකීමක් විය.

පාකිස්තාන කණ්ඩාමේ සියලු සාමාජිකයන්ට දින 14ක නිරෝධායන වීමට සිදු වන අතර, එම කාලය ඇතුළත පුහුණුවීම් සිදු කිරීමට කිසිදු බාධාවක් නොමැති බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top