Jun 30, 2020

අරන්තලාවේ භික්ෂු ඝාතනයට සම්බන්ධ අයට නීතිය ක්‍රියාත්මක කරන්නැයි පෙත්සමක්

අරන්තලාව ප්‍රදේශයේ සිදුවූ භික්ෂුන් වහන්සේලා 33 නමක් ඝාතනය කරමින් එල්.ටි.ටි.ඊ. සංවිධානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් එම ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් පුජ්‍ය ආඳාඋල්පත බුද්ධසාර හිමියන් විසින් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

අරන්තලාවේ සිදුවූ භික්ෂු ඝාතන සිද්ධියට සම්බන්ධව දැනට ජිවතුන් අතර සිටින එල්.ටි.ටි.ඊ. සංවිධානයේ සිටි සාමාජිකයින්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙස එම මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරමින් උන්වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

එල්ලවූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ තමන් වහන්සේට රුපියල් කෝටි 2ක වන්දියක් ලබා දෙන ලෙස නියෝග කරන ලෙසටද උන්වහන්සේ සිය මුලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂකවරයා නම් කොට ඇති බව සඳහන් වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top