මේ අතර හෙරොයින් ජාවාරම්, පාතාල අපරාධ ඇතුළු තවත් දරුණු අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 10,968 දෙනකු මෙම සති තුන තුළදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මහජන සම්බන්ධතා අංශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.
රට පුරා සිටින පාතාල කල්ලි සාමාජිකයින් මෙන්ම හෙරොයින් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය කි‍්‍රයාත්මක කළ මෙහෙයුවලදී මෙම අවි ආයුධ සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
මේ අතර මෙම සති තුනක කාල සීමාවේදී පොලිසිය කළ මෙහෙයුම්වලදී රුපියල් කෝටි දහයකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් ද අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.