Jul 02, 2020

නඩු ගබඩාවේ කුඩු අතුරුදහන් කළ පොලිස් ලොක්කෙක් ඇතුළු 12ක් අත්අඩංගුවට Featured

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (Police Narcotics Bureau) නඩු භාණ්ඩ ගබඩාවේ සේවය කළ පොලිස් ප්‍රධානියකු අතුළු 12 දෙනෙකු අද (02)   රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම පිරිසට තවත් උප පොලිස් පරීක්ෂකයෙකු ඇතුළත්ව ඇතැයි ද පැවසේ.

මීට පෙරද උප පොලිස් පරීක්ෂකවරයෙකු, සැරයන්වරු දෙදෙනෙකු හා කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම කණ්ඩායම මෙහෙයවූ පොලිස් පරීක්ෂකවරයෙකු ද අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක විය.

එම පොලිස් පරීක්ෂකට අයත් පිස්තෝලයක් හා රුපියල් ලක්ෂ 11ක මුදල්ද සොයා ගැණිනි.

අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ දහස් ගණනක් පිටතට විකුණා ඇති බවට  ලද තොරතුරු මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (Police Narcotics Bureau) සතු නඩු භාණ්ඩ ගබඩාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර මුද්‍රා තබා තබා පරීක්ෂණයක් පවත්වන ලදී.

සබැඳි පුවත්

ඇල්ලුව කුඩු අතුරුදහන්: Narcotics නඩු ගබඩාවට CIDය සීල් තියයි !

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top