Jul 02, 2020

බොට්ස්වානා හි අලි ඇතුන් 350ක් මියයයි 

පසුගිය දෙමසක කාලයක් පුරාවට අප්‍රිකාවේ බොට්ස්වානා හි අලි ඇතුන් 350ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

එරට ඔකවැන්ගෝ ඩෙල්ටාව පුරාවට මෙම අලි ඇතුන් ගේ මළසිරුරු දක්නට ලැබුණු බව පැවසේ.

මොවුන් මෙසේ මිය යාමට නිශ්චිත හේතුව මෙතෙක් සොයාගැනීමට නොහැකි වී ඇති ඇත.

බොට්ස්වානා රජය පවසන අන්දමට පරීක්ෂණ සඳහා සාම්පල මේ වන විටත් විද්‍යාගාර වලට යොමු කර ඇති නමුත්, පරීක්ෂණ වාර්තා ලැබීමට තවත් සති කිහිපයක් ගතවනු ඇත.

නියඟය නොවන හේතුවක් මත එකවර මෙතරම් අලි ඇතුන් සංඛ්‍යාවක් මිය යන්නේ ඇයි ද පිළිබඳව ලොව පරිසරවේදීන්ටම ගැටළුවක් වී තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top