Jul 02, 2020

මාර්තු, අප්‍රේල් හා මැයි විදුලි බිලට සහනයක් දෙන්න යයි Featured

කොරෝනා හෙවත් කොවිඩ් - 19 නිසා පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් මාර්තු, අප්‍රේල් හා මැයි මාස සඳහා නිකුත් කරන ලද  විදුලි බිල සම්බන්ධව පැන නැගී ඇති ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (01) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඒ් සම්බන්ධව විදුලි බල හා බළශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපති, අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ අවධානයට කරුණු ඉදිරි පත් කර තිබේ.

විදුලි බල මණ්ඩලය විසින් මාස තුනක විදුලි බිල්පත් එකවර ඉදිරිපත් කිරීම මගින් තමන්ට විශාල මුදලක් ඇතුළත් විදුලිබිල් පතක් ලැබී ඇතැයි මහජනතාව නිරන්තරයෙන් අමාත්‍යවරයාට දුරකථනයෙන් පැමිණිළි කරන බව අමාත්‍යවරයා මෙහිදී  දැනුම් දී ඇත.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විමසා ඇත්තේ මේ පිළිබඳව අමාත්‍යවරයාගේ යෝජනාව කුමක්ද කියාය.

ඒ් අනුව ඉහත සඳහන් කළ මාස තුනක විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනතාවට සහනයක් ලබා දීම සුදුසු බව අමාත්‍යවරයා යෝජනා කර තිබේ.

මහජනතාවට ඒ් සඳහා ලබා දිය යුතු සහනය සම්බන්ධයෙන්  තමන්ට තොරතුරු ලබා දෙන ලෙස ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය දැනුම් දීමෙන් පසුව ඒ් සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top