Jul 02, 2020

වරායේ සේවකයින් පිරිසක් අකුරට වැඩ

කොළඹ වරායේ සමගි බහලු පර්යන්තයේ සහ ජය බහලු පර්යන්තයේ සියලු සේවකයින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

කොළඹ වරායේ ගැන්ට්‍රි දොඹකරයක් මත නැගී විරෝධතාවයක නිරත සේවකයින් තුන්දෙනාට සහය පළ කරමින් එහි “ජය”සහ “සමගි”බහාලු පර්යන්තවල සියලු සේවකයින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වේ.

ඉකුත් ජූනි මස 20 වන දින චීනයෙන් ගෙන් වු ගැන්ටි දොඹකර 3 ක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතාවය ආරම්භ කළ අතර වෘත්තීය සමිති සාමාජිකයින් තිදෙනෙකු මීටර 50ක් උසැති ගැන්ටි දොඹකරයකට නැඟීමෙන් අනතුරුවය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top