Jul 03, 2020

ජින්තුපිටියේ පුද්ගලයින් 154ක් නිරෝධායනයට

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 154 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබේ.

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටි අයකු ඊයේ ( 02) කොවිඩ් - 19 ආසාදිත බවට හඳුනා ගැනුණු බවද අදාළ ආසාදිත පුද්ලගයා මේවන විට රෝහල් ගතකර ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොවිඩ් 19 රෝගය සමාජයේ ව්‍යාප්තවීමේ අවදානමක් මේවන විට නොමැති බවද ඒ මහතා සඳහන් කරයි.

මේ අතර ඊයේ නව ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2066 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කොරෝනා ආසාදිතයින් 228 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1827 කි.

Jinthupitiye 670px 20 07 03

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top