Jul 03, 2020

කොකේන් ළග තබාගත් නයිජීරියානුවෙකුට මරණ දඬුවම

කොකේන් ග්‍රෑම් 774ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු හතළිස් හැවිරිදි නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.

2016 වසරේ ඔක්තෝබර් මස 4 වනදා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් රත්මලාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම විත්තිකරු අත්අඩංගුට ගෙන ඇත.ඉන් අනතුරුව කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන කොකේන් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය.

ඒ අනුව විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කරන බව නඩු තීන්දුව ලබා දෙමින් විනිසුරුවරයා පවසා සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top