Jul 04, 2020

මහින්දානන්ද තවත් විමර්ශනයක් ඉල්ලයි, පොලිසියටත් චෝදනා Featured

අවසන් මහ තරගය පවා දුන්නේ යැයි තමා කළ පැමිණිල්ල අනුව සිදු කළ විමර්ෂණ කටයුතු ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් විමර්ෂණ කටයුතු නතර කළ බවට පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව හිටපු ක්‍රිඩා අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ ඊයේ (03) පස්වරුවේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍යය හමුවකදීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේ පවසා ඇත.

"මා විසින් 2011 ලෝක කුසලානය පිළිබදව ප්‍රකාශයක් පසුගියදා සිදු කළා. ඒ ප්‍රකාශය මම මීට කලින් දෙවතාවක් සිදු කළා.මේ පිලිබදව හිටපු ක්‍රිඩා ඇමතිවරු සහ ක්‍රිකට් ක්‍රිඩකයන් ප්‍රකාශ සිදු කළා. 2018 වසරේ දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දුෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා විසින් හරින් ප්‍රනාන්දු ඇමතිවරයට එවන ලද ලිපියක් මා සතුව තියෙනවා.
එකෙන් කියන්නේ ලෝකයේ ටෙස්ට් ක්‍රිඩා කරන රටවල් අතරින් වැඩිම දුෂණ චෝදනා තියෙන රට ලංකාව කියලා. මේ පිළිබදව දැනට පරික්ෂණ පවත්වනවා කියලා ඇමතිවරයට දන්වලා තියෙනවා.

මා විසින් කරන ලද ප්‍රකාශනයට පොලිස් ඒකකය විසින් මගෙන් ප්‍රකාශයක් ලබා ගත්තා. මම මා සතුව තිබු සියළුම තොරතුරු ලබා දුන්නා.මේ සම්බන්ධයෙන් ක්‍රිඩකයන් සම්බන්ධ නෑ කියලා මම පැහැදිලිව කිව්වා.මම දන්නේ නැ පොලිස් ඒකකය කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධනවත් කැද වුයේ කුමන පදනමකින්ද කියලා.

ක්‍රිඩකයන් සම්බන්ධ නෑ කියද්දි ක්‍රිඩකයන් කැදෙවුවේ කුමන පදනමකින්ද කියලා මම දන්නේ නැ. පොලිස් මාධ්‍යය ප්‍රකාශක ප්‍රකාශ කරලා තියෙනවා මේකට තොරතුර නෑ කියලා මේ පරික්ෂණය නතර කරා කියලා.මම කතා කරා මගෙන් ප්‍රකාශ ලබා ගත් පොලිස් ඒකකයට.පොලිස් විමර්ෂන ඒකකයේ ප්‍රධානියා මට කියන්නේ මේ පනතින් මේ පරික්ෂණය තියන්න බැ කියලා. තරග පවා දිමේ පනත සම්මත වුණේ 2019 , මේ සිද්ධිය වුණේ 2011. කුමාර සංගක්කාර මහාතගේ නිතිඥයා කියලා තියෙනවා මේකට කට උත්තර ලබාදෙන්න අපි බැදිලා නැ කියලා. මොකද මේ පනත වැරදි, එතකොට තමයි පොලීසියට තේරෙන්නේ ආරම්භ කරපු පරික්ෂණය වැරදි කියලා.

පොලිසිය වැරදි පරික්ෂණයක් ආරම්භ කරලා ඇණ ගත්තම , පරික්ෂණය අවසන් තොරතුරු නෑ කියන්න බැ. මේ වෙනකොට පොලීසිය තොරතුරු ලබාගෙන තියෙන්නේ තේරිම් කම්ටුවේ සභාපතිවරයාගෙන් විතරයි.එවකට ක්‍රිකට් පාලනයේ හිටපු ලේකම්ගෙන් කට උත්තර ලබා ගත්තද? සභාපතිගෙන් ගත්තද? විධායක නිලධාරින්ගෙන් ගත්තද? ඒ තරගාවලියට සම්බන්ධ කිසිවෙකුගෙන් කට උත්තර ලබාගෙන නෑ. මම පැහැදිලිව සඳහන් කරා තොරතුරු ගන්න ඕනි අය කවුරුන්ද කියලා.

එක්කෙනෙක්ගෙන් කට උත්තර අරගෙන පරික්ෂණය වහන්න පුළුවන්ද? මේ විදිහටම තමයි පොලීසිය පහුගිය කාලයෙත් සිදු කලේ.මෙතනදි වෙලා තියෙන්නේ පොලිසිය පරික්ෂණ කරලා තියෙන්නේ වැරදි විදිහට. මේ පනතට අනුව පොලිස් විමර්ෂණ එක්කයට පරික්ෂණ කරන්න බෑ.මේකේ බරපතල කම නිසා මම කට උත්තරයක් දුන්නා. මේක විමර්ෂණය කල යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්.

කුමාර සංගක්කාර මහතා කියලා තියෙන්නෙත් මේක සම්බන්ධයෙන් පරික්ෂණ කළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් කියලා.මම එදත් කිව්වා මේක දේශපාලනියකරණය කරන්න එපා කියලා. මේක විපක්ෂය දේශපාලනය කරගෙන.අපිට ලෝක කුසලානය දින්නන පුළුවන්, ආයේ දින්න නම් මේ තරග පවා දිම නතර කරන්න ඕනි.

මේක පිටි පස්සේ ක්‍රිඩකයෝ නැ. හැබැයි මේකට සම්බන්ධ අය විශාල ලෙස මුදල් වැය කරනවා මේකෙන් බේරෙන්න."

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top