Jul 04, 2020

“MPleaks" ඡන්දයෙන් පසු! Featured

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වන මන්ත්‍රීවරු 225 දෙනාගෙන් යමෙක් වංචා, දූෂණ ක්‍රියා සිදුකළහොත් ඔවුන්ගේ වංචා, දූෂණ ප්‍රසිද්ධියට පත්කිරීම සඳහා වෙබ් අඩවියක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා කියා සිටී.

ඔහු වැඩිදුරටත් පවසන්නේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තේරී පත්වීමෙන් මාස 6ක කාලය තුළ ඔවුන් පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරමින් මෙහි මූලික පියවර අරඹන බවයි.

මෙලෙස ආරම්භ කිරීමට නියමිත වෙබ් අඩවිය මගින් මන්ත්‍රීවරුන් ගැන ප්‍රකාශ කෙරෙන කරුණු පිළිබඳ මන්ත්‍රීවරුන්ටද අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා දෙන බව ඒ මහතා කියා සිටී.

අදාළ වෙබ් අඩවිය එම් පී ලීක්ස් (MPleaks) ලෙස නම් කිරීමට සැලැසුම් කර ඇති බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top