Jul 04, 2020

අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අල්ලන්න විශේෂ ඒකකයක් ?

විවිධ ජාවාරම්කරුවන් පිලිබද විමර්ශන සිදුකිරීම සදහා වෙනම විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීම කෙරෙහි පොලිස්පතිවරයාගේ අවධානය යොමුවී තිබේ.

ඒ අනුව අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ සැකකරුවන් විශාල ප්‍රමාණයක් පසුගිය දිනවල අත්අඩංගුවට ගෙන ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

මේ අතර නීතිවිරෝධීව විදේශීය දුම්වැටි තොගයක් ළග තබා ගෙන සිටි චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු ගල්කිස්ස වෙරළ පාරේ නිවසකදී ගල්කිස්ස පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.අදාළ වැටලීමේදී විදේශීය දුම්වැටි 25,600 ක් පමණ සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේය.

මැතිවරණ නීති උල්ලංඝණය කළ 98 ක් දැලේ

මැතිවරණ නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 98 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව අපේක්ෂකයින් දෙදෙනෙකු හා ආධාරකරුවන් 96 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top