Jul 04, 2020

LTTE ඇඳුම් හා ලාංඡනවලට සමාන ද්‍රව්‍ය රැසක් සොයා ගැනෙයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි පණ ගැන්වීමට ක්‍රියා කළ මුලතිව් ප්‍රදේශයේ තරුණයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකට අනුව මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක වළ දමා තිබූ එල්.ටී.ටී.ඊ.නිල ඇදුම්වලට  හා එම සංවිධානයේ ලාංඡනයට සමාන ද්‍රව්‍ය රැසක් ඊයේ (03)  මුලතිව් ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබේ.

ආරක්ෂක අංශ වලට තොරතුරු හෙළි කරණ ලද පුද්ගලයා මේ ස්ථානයේ එල්.ටී.ටී.ඊ.සංවිධානය සතු අවි ආයුධ රැසක් ඇති බවට තොරතුරු හෙළි කිරීමෙන් පසුව මුලතිව් පොලීසිය විසින් ලබා ගන්නා ලද අධිකරණ නියෝගයක් මත මේ ස්ථානයේ කැණීම් සිදු කර ඇත.

එම කැණීම් වලදී හමු වූ සියළු දේ එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් භාවිත කරණ ලද ද්‍රව්‍ය බවට පෙනී යන බව මුලතිව් පොලිසිය පවසයි.

මේ ස්ථානයේ වළදමන ලද අවි ආයුධ වලට සිදු වූයේ කුමක්ද යන්න පිළිබදව මුලිතිව් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top