එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත්, එබැවින් තම රීට් පෙත්සම විභාගයට ගන්නා ලෙසත්, එම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු වරෙන්තුව ක්රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද රවී කරුණානායක මහතා ඇතුළු හත් දෙනෙකු ගොනු කළ පෙත්සම් විභාගයට ගන්නවාද නැත්ද යන්න පිළිබඳ නියෝගය ප්රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කළේය.
එම් නවාස්, ශිරාන් ගුණරත්න සහ සෝභිත රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසනුයි මෙම නියෝගය ලබාදුන්නේය.