Jul 07, 2020

සැඟවී සිටි නාකොටික් IP භාරවෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති බවට චෝදනා එල්ල වන, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර මහතා අද (07) කඩවත පොලිසියට බාරවී තිබේ.

සැකකරුව වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමට නියමිත ඇති බව වාර්තා වේ.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය තුළ සිදුවන විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයා පොලිසිය විසින් සොයමින් සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top