Jul 07, 2020

ප්‍රසන්නට එරෙහි ඉඩම් නඩුව කල්යයි

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 03 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (07) නියෝග කළේය.

2015 වසරේ කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරුබිමක් ගොඩකර එහි රැඳී සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට අදාල කටයුතු ඉටු කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 63ක මුදලක් ලබාගැනීමට කුමන්ත්‍රණය කළ බවට අමාත්‍යවරයා ඇතුළු පිරිසට චෝදනා එල්ල කර ඇත.  

මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශයකට පළා ගොස් සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top