Jul 07, 2020

TikTok හොංකොං වලින් යන්න හදයි

චීනය විසින් හොංකාං මත නව ආරක්ෂක නීති පැනවීමෙන් අනතුරුව එම නුවරින් ඉවත්ව යාමට තීරණය කළ බව ජනප්‍රිය ඇප් මෘදුකාංගයක් වන TikTok නිවේදනය කර තිබේ.

පසුගිය දින වල සිදුවූ දෑ සමග හොංකොං හි මෙහෙයුම් නවතා දැමීමට තීරණය කළ බව එහි ප්‍රකාශකයෙකු පැවසූ බව බීබීසී ලෝක සේවය වාර්තා කරයි.

රොයිටර් පුවත් සේවය පවසන අන්දමට මෙම තීරණය දින ගණනක් තුළදී ක්‍රියාවට නැංවෙනු ඇත.

මේ අතර, පරිශීලක තොරතුරු සම්බන්ධයෙන් හොංකොං පොලිසිය සමඟ සහයෝගයට විරාමයක් දෙන බව ෆේස්බුක් සහ ට්විටර් සමාගම් ද මේ සතියේදී ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top