Jul 09, 2020

කල් ඉකුත් වූ sanitizer හදපු හොර ආයතනයක් වටලයි

මාළඹේ - තලාහේන ප්‍රදේශයේදී කල් ඉකුත් වූ රසායනික දියර භාවිත කරමින් විෂබීජනාශක දියර නිෂ්පාදනය කළ ආයතනයක් පාරිභෝගික සේවා අධිකාරිය වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී මිලිලීටර් 500 බෝතල් 1422ක්, ලීටරයේ බෝතල් 140ක්, රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් සාදන ලද අත්සෝදන දියර ලීටර 04 බැගින් වූ ගැලුම් 17ක් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

වෙළඳපොලේ ඇති දෑත් පිරිසිදු කිරීමේ ක්‍රීම් වර්ගයකට වර්ණ සංයෝජන යොදා මෙම විෂබීජ නාශක සකස් කර ඇති අතර ඒවා කල් ඉකුත් වී ඇති බවට මෙහිදී අනාවරණය වී ඇත.

වර්ග 3 කින් විෂබීජ නාශක වෙළඳපොලට නිකුත් කිරීමට ඇසුරුම් කර තිබූ බවද මෙම  විෂබීජ නාශක තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වන බවද පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top