Jul 09, 2020

තෙවරප්පෙරුම තීරණය වෙනස් කරයි

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා වන අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් මැතිවරණ කොමිසමට භාරදී තිබේ.

පවතින නීතිය අනුව අපේක්ෂකත්වය ලබා ඇති අයෙකුට ඉන් ඉල්ලා අස් වීමට නොහැකි බැවින් ඒ හේතුවෙන් එම ලිපිය භාර නොගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් දැනුම් දී ඇත.

මේ හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ තමන්ට අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට නොහැකි නිසා පෙරටත් වඩා වැඩි උනන්දුවකින් මැතිවරණ සටනට මුහුණ දී ජයග්‍රහණය කිරීමට නැවත තීරණය කළ බවයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top