Jul 09, 2020

ඒකක 90ට අඩු බිල්වලට සියයට 25ක් අඩුකරයි, ගාස්තු ගෙවීමට මාස 3ක්   

මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා විදුලි ඒකක බින්දුවේ සිට 90 දක්වා භාවිත කළ විදුලි පාරිභෝගිකයින්ට සියයට 25ක ගාස්තු සහනයක් ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

එම ගාස්තු ගෙවීම සඳහා මාස තුනක සහන කාලයක් පාරිභෝගිකයින්ට ලබා දෙන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර  සිටියේය.

විදුලි පාරිභෝගිකයන්ගේ ඉහළ ගිය විදුලිබිල සම්බන්ධයෙන් දිය හැකි තවත් සහන පිළිබඳ ලබන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරන බව ද ඇමැතිවරයා කීවේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top