Jul 09, 2020

කටුනායකට PCR පරීක්ෂණාගාරයක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට නොමිලේ පී.සී.ආර්.පරීක්ෂණ සිදු කර ගැනීමට සහ ඒවායේ ප්‍රතිඵල නිකුත් කිරීමට නවතම වෛද්‍ය රසායනාගාරයක් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ විවෘත කර තිබේ.

මෙහිදී දිනකට ගුවන් මගින් පැමිණෙන 500කගේ පී.සී.ආර්.පරීක්ෂණ සිදු කෙරෙනු ඇත.

මෙම වෛද්‍ය රසායනාගාරය රුපියල් මිලියන 70 ක් පමණ වටිනාකමක් ඇති අතර මෙරට විවිධ රෝහල් සදහා පරිත්‍යාග ලෙස ලැබී තිබූ වෛද්‍ය රසායනාගාර උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙහි ස්ථාපිත කර තිබේ.

මෙම නව වෛද්‍ය රසායනාගාරය මගින් පැය දෙකහමාරක් වැනි කාලයක් තුළ  මෙම පරීක්ෂණ  නොමිලේම සිදු කර ගත හැකිය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top