Jul 09, 2020

වාහනවල ගසා ඇති ස්ටිකර් හා රූප ඉවත් කරන්න කියයි Featured

අපේක්ෂකයා ගමන් කරන වාහනය හැර බස්රථ, ත්‍රිරෝද රථ ඇතුළු වාහනවල අලවා ඇති අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර් ගලවා ඉවත් කරන ලෙස මැතිවරණ කොමිසන් සභාව විසින් පොලිසියට උපදෙස් දී තිබේ.

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් එවැනි වාහනවල පක්ෂ හා අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු, ඡායාරූප ඇතුළත් ස්ටිකර් හා බැනර් ප්‍රදර්ශනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

තරග කරන අපේක්ෂකයා ගමන් කරන පෞද්ගලික වාහනයේ හැර වෙනත් කිසිදු වාහනයක එවැනි ආකාරයේ පෝස්ටර් හෝ බැනර් ප්‍රදර්ශනය කිරීම මැතිවරණ පනතට අනුව වරදක් බව ද එබැවින් එම ස්ටිකර් හා බැනර් වහාම ඉවත් කළ යුතු බවද එම නිවේදනයේ දැක්වේ.

එවැනි ස්ටිකර් හා බැනර් වාහනවල සවිකර ඇද්දැයි හදිසි පරීක්ෂා කිරිම් සිදුකරන ලෙසට නියෝජ්‍ය පොලිස්පතිවරු හා කොට්ඨාස භාර පොලිස් නිලධාරීන් වෙත උපදෙස් නිකුත් කර ඇති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top