Jul 10, 2020

2016 රිය අනතුර සම්බන්ධයෙන් පාඨලීට අධිචෝදනා

රාජගිරියේ සිදුවු රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල සහ තවත් පුද්ගලයෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී අධිනීතිඥ නිශාරා ජයරත්න මහත්මිය පවසයි.

රාජගිරිය ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු රිය අනතුරකට ලක් කර පළායාම, රියැදුරු මාරු කිරීම ඇතුළු අනෙකුත් චෝදනා ඊට ඇතුළත්වේ.

2012 වසරේ පෙබරවාරී 28 වැනි දා සිදු වූ එම රිය අනතුරට අදාළ විමර්ශන අවසන් කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

නඩුවේ සැකකරුවන් ලෙස නම් කර ඇත්තේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියැදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර හා සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අය වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top