Jul 10, 2020

පුස්කොළ පොත් සංරක්ෂණයට රජයේ අවධානය

ශ්‍රී ලංකාවේ විවිධ පරාශයක පවතින පුස්කොළ පොත් සංරකෂණය,ලේඛනගත කිරීම හා අංකිතකරණය (Digitization) රජයේ අවධානය යොමුවී ඇත.

මෙහිදී කිසිදු පුස්කොළ පොතක් රජයට භාර නොගන්නා අතර ඒවා රටින් පිටවීම වැළැක්වීම හා භෞතික හායනය වළක්වා අනාගතය උදෙසා සංරක්ෂණය පමණක් සිදුවෙයි.

වසර ගණනාවක් පැරණි මෙම ඓතිහාසික ලේඛණ කිසියම් වැඩපිළිවෙළක් යටතේ ආරක්ෂා නොවීම හේතුවෙන් භෞතික හානිය හා විවිධ මානව ක්‍රියාකාරකම් නිසා අනාගත පරම්පරාවට අහිමි වීමේ තර්ජනයක් මතුවී ඇත.

ඒ අනුව බුද්ධශාසන, සංස්කෘතික කටයුතු, ආගමික කටයුතු අමාත්‍යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව හා ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලය එක්ව විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.  

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top