Jul 11, 2020

රට ගිය ඇත්තෝ ගෙනඒම අඟහරුවාදා සිට අත්හිටුවයි ! Featured

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් රැසක් හඳුනාගැනීමත් සමඟ ශ්‍රීලන්කන් ගුවන් යානා මගින් විදේශවල සිරවී සිටින්නන් ශ්‍රී ලංකාවට ගෙනඒමේ වැඩසටහන තාවකාලිකව නවතා දැමීමට තීන්දුකර ඇතැයි එම කටයුත්ත සම්බන්ධීකරණය කරන ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා කියා සිටී.

අදාළ තීන්දුව ලබන අඟහරුවාදා (14) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව පැවසේ.ඉදිරියේදී ලන්ඩනය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, පකිස්ථානය, මැදපෙරදිග, මාලදිවයින සහ තවත් යුරෝපා රටවල් ගණනාවක සිරවී සිටින ලාංකිකයන් දිවයිනට ගෙනඒමට සැලැසුම් කර තිබිණි.

දැනට මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ මදිවීමත් කන්දකාඩු රැඳවියන් හා ඔවුන්ගේ පවුල්වල අයද නිරෝධායනය කළයුතු බැවින් ගුවන් මගීන් ගෙන ඒම මෙසේ අත්හිටුවා තිබේ. 

මෙලෙස විදේශවලින් ගෙන්වන තැනැත්තන්ගෙන් නිරෝධායනය සඳහා කිසිදු මුදලක් අය නොකෙරෙන අතර හෝටල්වල නිරෝධායනය වන අය පමණක් ඊට මුදල් ගෙවිය යුතු බව පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top