Jul 11, 2020

හගියා සොෆියා කෞතුකාගාරය මුස්ලිම් පල්ලියක් බවට පත් කරයි

ආරම්භයේදී ආසන දෙව්මැදුරක් ලෙස ඉදි කරන ලද ඉස්තාන්බුල් හි ලෝක ප්‍රසිද්ධ හගියා සොෆියා කෞතුකාගාරය නැවත  මුස්ලිම් පල්ලියක් බවට පත් කර ඇත.

තුර්කියේ ජනාධිපති රිසෙප් තයියෙප් එර්දොවාන් විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ එම ස්ථානයට කෞතුකාගාරයක් ලෙස තිබූ හැඳින්වීම අධිකරණය විසින් අවලංගු කිරීමෙන් පසුවය.

මීට වසර 1,500 කට පෙර ක්‍රිස්තියානි ආසන දෙව්මැදුරක් ලෙස ඉදිකරන ලද හගියා සොෆියා 1453 දී ඔටෝමාන්  පාලනය විසින් යටත් කර ගැනීමෙන් පසු පල්ලියක් බවට පරිවර්තනය විය.

1934 දී එය කෞතුකාගාරයක් බවට පත් වූ අතර මේ වන විට එය යුනෙස්කෝ ලෝක උරුමයකි.

තුර්කියේ ඉස්ලාම් ආගමිකයින් එය මුස්ලිම් පල්ලියක් බවට පරිවර්තනය කරන ලෙස දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටි නමුත් අනාගාමික විපක්ෂයේ සාමාජිකයින් මෙම පියවරට විරුද්ධ විය. මෙම යෝජනාව  ලොව පුරා ආගමික හා දේශපාලන නායකයින්ගේ විවේචනයටද භාජනය විය.

මෙම තීරණය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති එර්දොවාන් අවධාරණය කළේ එය නැවත මුස්ලිම් පල්ලියක් බවට පරිවර්තනය කිරීමේ දී තුර්කි රාජ්‍ය විසින් සිය ස්වෛරී අයිතිය ක්‍රියාත්මක කර ඇති බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top