Jul 11, 2020

කන්දකාඩුවට වෛරසය ගියේ සුදුවැල්ලේ කුඩ්ඩන්ගෙන් - අනිල් ජාසිංහ

කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්ට වෛරසය වැළඳී ඇත්තේ ජා ඇළ සුදුවැල්ල ප්‍රදේශයේදී මීට පෙර හඳුනාගත් මත්ද්‍රව්‍ය භාවිත කල වෛරස ආසාධිතයන්ගෙන් බවට අනාවරණ වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙය නාවික හමුදා ආසාධිත පොකුර හා සමාන ලක්ෂණ පෙන්නුම් කරන බව ඒ මහතා සඳහන් කරයි.

එහෙත් නාවික හමුදා පොකුර මෙන් දීර්ඝ කාලයක් ගතවීමෙන් තොරව එය තුරන් වනු ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අනාවරණය කරයි.

ජනතාව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නොමැති බවද එමෙන්ම හුදකලා ප්‍රදේශ නැවත ඇතිකිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top