Jul 11, 2020

කොරෝනාවලින් පසු රැකියා අහිමිය ලක්ෂ 4ට ආසන්නයි: ආයතන 1350ක් වැසිලා Featured

Covid-19 වෛරස ව්‍යාප්තියේ බලපෑම හේතුවෙන් මෙරට පෞද්ගලික අංශයේ ආයතනවල සේවකයන් 382,537 කට රැකියා අහිමි වී ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව කළ සමීක්ෂණයකින් හෙළිව තිබේ.

කොරෝනා ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළෙඳ පොළට ඇති කළ බලපෑම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව මැයි මාසයේ කරන ලද එම සමීක්ෂණ වාර්තාවේ තොරතුරු අනුව පෞද්ගලික ආයතන 2,536ක් අතරින් 1,350ක් වසා දමා ඇති බවද හෙළිව තිබේ.

එසේම පෞද්ගලික ආයතන 1,105ක් නැවත ආරම්භ කර ඇත්තේ සීමිත ධාරිතාවක් මත බවද පැවසේ.

සම්පූර්ණයෙන් කටයුතු ආරම්භ කර ඇත්තේ ආයතන 81ක් පමණක් බවද එම වාර්තාව හෙළිකර තිබේ.

සේවා ආයෝජකයන් 1,084ක් සේවකයන් 153,702ක් සඳහා වැටුප් ගෙවාගත නොහැකි තත්ත්වයක සිටින බවද එහි සඳහන් වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top