Jul 11, 2020

ඇපල් ඇප් අක්‍රියවීමේ වගකීම ෆේස්බුක් බාරගනියි

අයිෆෝන් සහ අයිපෑඩ්හි උපාංග වල ඇති ඇප් රැසක් ඊයේ (ජූලි 10) අක්‍රිය වූ අතර මෙම තත්වය පිලිබඳ වගකීම ෆේස්බුක් විසින් බාරගෙන ඇත.

ෆේස්බුක් සමාගම බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ කේත වෙනසක් හේතුවෙන් මෙම තත්වය උදාවී ඇති නමුත් ගැටළුව ඉතා ඉක්මනින් නිරාකරණය කළ බවයි.

මෙම ගැටලුව හේතුවෙන් ස්පොටිෆයි , ටික් ටොක් සහ ටින්ඩර් වැනි ඇප්ස් කිහිපයක් පැය කිහිපයක් සඳහා භාවිතා කළ නොහැකි විය.

මැයි මාසයේදීද මෙවැනිම ගැටලුවක් ඇත.

මූලාශ්‍රය-බීබීසී

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top