Jul 11, 2020

කොරෝනා රෝගීන් 57ක් ! (Update)

තවත් Covid-19 වෛරසය ආසාදිතයන් 43ක් ඊයේ (11) හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අලුතින් Covid-19 ආසාදිත පොකුරක් වර්තා වන කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් 13 හා ඔවුන්ගේ ආශ්‍රිතයන් 30ක් ඒ අතර සිටින බවද පැවසේ. 

Covid Update 11 07 20

----------------අවසන් යවත්කාලීන කිරීම ( Saturday, 11 July 2020 23:08) 

තවත් කොරෝනා ආසාදිතයන් සිවුදෙනෙක් (Update)

රාජාංගනයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 4 දෙනෙකු වාර්තා වී තිබේ.

ඔවුන් සිවුදෙනා ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයන්ය.

----------------අවසන් යවත්කාලීන කිරීම ( Saturday, 11 July 2020 21:16) 

අලුතින් කොරෝනා ආසාදිතයන් 10ක් : සුවවූ ආසාදිතයන් නැහැ

අලුතින් Covid-19 ආසාදිත පොකුරක් වර්තා වන කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයන් පස් දෙනෙකු ඇතුළුව අද දිනයේදී එම වෛරස් ආසාදිතයන් 10ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ Covid-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 2,464ක් දක්වා වර්ධනය වී තිබේ.

අද දිනයේදී සුවවූ රෝගීන් වාර්තා නොවෙයි.

ශ්‍රී ලංකවේ රෝගීන් 11ක් මිය ගිය අතර තවත් රෝගීන් 473ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි සිවුදෙනෙක්, කුවේට් සිට පැමිණි 1 එක් අයෙකු අද සොයාගත් ආසාදිතයන් අතරට එක්ව සිටින අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටි අය වෙති.

එසේම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 5ක් ද අද සොයාගත් අය අතර සිටී.

ඒ රාජාංගනේ, හබරාදූව හා ලංකාපුර පදිංචි එක් අයකු බැගින්ද වැලිකන්ද පදිංචි 2 පුද්ගලයන් දෙදෙනෙකු බැගිනි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top