Jul 11, 2020

අමිතාබ්ගේ පුතාටත් කොරෝනා ! (Update) Featured

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් භච්චන්ට මෙන්ම ඔහුගේ පුත් අභිෂේක් භච්චන්ට ද කොරෝනා ආසාදනය වී තිබේ.

77 හැවිරිදි අමිතාබ් භච්චන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, ඔවුන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පවසයි.

-------------- (අවසන් යවත්කාලීන කිරීම - Saturday, 11 July 2020 23:44)

අමිතාබ් බච්චන්ට කොරෝනා !

තමාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුව ඇති බව සුපිරි ඉන්දීය බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඔහු මේවන විට රෝහල්ගත කර ඇති බවත්, පුවුලේ අය හා කාර්යමණ්ඩලයට ද පරීක්ෂණ සිදු කර ඇති බවත්, ඒවායේ ප්‍රතිඵල බලාපොරොරොත්තුවෙන් සිටින බවද එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.

පසුගිය දින 10 තුළ තමාට සමීපව සිටි සියල්ලම කරුණාකර පරීක්ෂා කර බලන ලෙස ද ඔහු සිය ට්විටර් පණිවුඩයෙන් ඉල්ලා සිටී.

අදාළ ට්ටිටර් පණිවුඩය පහත දැක්වේ.

Amithab 2020 07 11 at 23.42.54

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top