Jul 12, 2020

ට්‍රම්ප් පළමුවරට මුව ආවරණයක් පළඳියි Featured

නව කොරෝනාවෛරසය ආරම්භ වීමෙන් අනතුරුව පළමුවරට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රසිද්ධියේ මුව ආවරණයක් පැළඳ තිබේ.

වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ සිටින තුවාල ලැබූ සෙබළුන් හා සෞඛ්‍ය සේවකයින් හමුවූ අවස්ථාවේදී ඔහු මෙලෙස මුව ආවරණයක් පැළඳ ඇත.

"මං කවදාවත් මුව ආවරණ වලට විරුද්ධ වෙලා නෑ. ඒත් ඒකට හරි තැනක්, වෙලාවක් ඇති කියලා විශ්වාස කරනවා," යැයි ධවල මන්දිරයෙන් පිටත්ව යාමට පෙර ඔහු සඳහන් කර තිබුණි.

තමා මුව ආවරණ නොපළඳින බව මීට පෙර පැවසූ ට්‍රම්ප්, මේ සම්බන්ධයෙන් සිය  ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වන ජෝ බයිඩන්ට ද සමච්චලයට ලක් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top