Jul 12, 2020

සෝනි ලංසුවට SLC ය අසතුටින්? Featured

ඉදිරි වසර තුන සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මාධ්‍ය අයිතිය මිලදී ගැනීම සඳහා සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් ඉන්ඩියා විසින් ඉදිරිපත් කර කොන්දේසි පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) යළිත් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ සදහා පසුගිය බදාදා දින ලංසු තැබීම ආරම්භ කිරීමෙන් අනතුරුව ලංසු තැබූ එකම සමාගම වූයේ සෝනි සමාගමයි.

කෙසේවෙතත් සෝනි සමාගම විසින් ඉදිරිපත් කළ මුදල පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් සතුටුදායක නොවන බවත් එබැවින් මිල ඉහළ නැංවීම සඳහා එම සමාගම සමග යළිත් සාකච්ඡා කරනු ඇති බවත් පැවසේ.

2020 අප්‍රේල් 01දා සිට ඇරඹෙන නව ගිවිසුම් කාලය සඳහා සෝනි සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 22.5 ක ලංසුවක් තබා ඇති අතර, එම කාල පරිච්ඡේදයට ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන
ටෙස්ට් තරග 25 ක්, එක්දින තරග 60 ක් සහ පන්දුවාර විස්සයි20 තරග 38 ක් ඇතුළත් විය.

කෙ‌ෙස්වුවත්, මෙම කාලය තුළ සිදුවීමට නියමිතව තිබූ ඉන්දියානු සංචාර දෙක මෙන්ම එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු සංචාර සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 30 ක් අපේක්ෂා කළ බව පැවසේ.

කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලියේ විනිවිදභාවයක් නොමැති බව පවසමින් සෝනි මීට පෙර පෙබරවාරි මාසයේදී ලංසු කැඳවූ විට ලංසු තැබීමෙන් ඉවත් වී තිබුණි. පෙර වසරවලදී මෙන් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් රූපවාහිනී හා ගුවන්විදුලි විකාශන අයිතීන් මෙන්ම රූපවාහිනී නිෂ්පාදන අයිතිවාසිකම් සහ ඩිජිටල් විකාශන අයිතීන් වෙනුවෙන් වෙනවෙනම ටෙන්ඩර් තුනක් ඉදිරිපත් කර තිබුණි. ඒ, මේ වසරේ මාර්තු 31 වනදායින් අවසන් වන සෝනි (ටෙන් ස්පෝර්ට්ස්) සමඟ ඇතිකරගත් හවුල්කාරිත්වය සැලකිල්ලට ගනිමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඩිජිටල් අයිතීන් වෙනුනේ වෙනම ටෙන්ඩරයක් කැඳවූ පළමු අවස්ථාව මෙය වේ.

මෙම තීරණය හේතුවෙන් ක්‍රිකට් ආයතනයට විශාල බර පැනක්ද දරන්න වී තිබේ.

රූපවාහිනී විකාශන අයිතිය වෙනුවෙන් සෝනි සමාගම 2013 සිට 2020 මාර්තු අවසානය දක්වා වසර හතක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 34.873 ක් වැයකර තිබේ.

මෙය 2017 දී ඉන්දීය ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයේ අයිතිය නොමැතිවය.

එම සංචාරයේ විකාශන අයිතිය ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඊට පෙර එම සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 25.5 කට විකුණා තිබිණි.

එබැවින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුළු රූපවාහිනී අයිතිවාසිකම් විකිණීමේ අගය ඇමරිකානු ඩොලර් මිලියන 60.373 කි.

නිෂ්පාදන අයිතිවාසිකම් පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 14-15 ක් පමණ වූ අතර එය ටෙන් ස්පෝර්ට්ස් විසින් දරනු ලැබීය.

වර්තමාන ගෝලීය වෙළඳපල තත්ත්වය හේතුවෙන් පාකිස්තානයේ, බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්තයේ ක්‍රිකට් මණ්ඩල විකාශන හවුල්කරුවෙකු සමඟ සම්බන්ධ වීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටින අතර එක් නිරීක්ෂකයෙක් කියා සිටියේ තම දිගුකාලීන සහකරුගේ විශ්වාසය දිනා ගැනීමට ශ්‍රී ලංකාව වාසනාවන්ත වී ඇති බවයි.

මූලාශ්‍රය - සන්ඩේ ටයිම්ස්

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top