Jul 12, 2020

නාමලුත් රැළි නවත්වයි !

කොරෝනා වසංගත බිය පහව යනතුරු ආරක්ෂිත පියවරක් ලෙස ජුලි මස 13-15  යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ සියලු මැතිවරණ රැළි නොපවත්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා ලිපියකින් දන්වා ඇති අයුරින් ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ගත් තීරණයට අනුව එය සිදුකරන බවද ඒ මහතා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් කියා සිටී.

Namal Twitter Screenshot 2020 07 12 at 12.29.30

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top