Jul 12, 2020

කන්දකාඩු උපදේශක නිසා කුණ්ඩසාලේ 40ක් නිරෝධායනයට !

මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේ පුද්ගලයින් 40 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා කියයි.

ඒ කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වුවන් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන උපදේශකවරයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගය.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ යුධ හමුදා නිලධාරියෙකුට වන අතර ඔහු කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කර ඇත.

මෙම නිලධාරියා ඉකුත් ජුනි 25 වැනිදා නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර පසුව ජුලි 06 වැනිදා යලි කඳවුර වෙත ගොස් තිබේ.

එහිදී සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගෙන ඇත.

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසන්නේ මෙම උපදේශකවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ඔවුන් ඇසුරු කළ අය මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති අතර ඇසුරු කළ සෙසු පුද්ගලයින් ද මේ වන විට සොයමින් පවතින බවයි.

මූලාශ්‍රය - නෙත් නිවුස්

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top