Jul 13, 2020

ඡන්දෙට නිවාඩු නොදුන්නොත් නඩු

ඡන්දය ප්‍රකාශ කිරීමට කිසියම් සේවා නියුක්තිකයෙකු විසින් ලිඛිත ඉල්ලීමක් කල විට ප්‍රමාණවත් යැයි සළකනු ලබන කාලයක් නිවාඩු දීමට සේවා යෝජකයන් විසින් කටයුතු කල යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 
මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සේවා නියුක්තිකයෙකු විසින් ඉල්ලා සිටින නිවාඩු ලබා නොදීම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පවරා දඩුවම් දිය හැකි වරදක් බව  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මේ වෙනුවෙන් පැය 4කට නොඅඩු කාලයක් වැටුප් අහිමිවීමකින් තොරව නිවාඩු දිය යුතු බව පාර්ලිමේන්තු මැතිවරණ පණතේ දැක්වේ.

මහ මැතිවරණයට ඡන්දය දැමීමට කිසියම් සේවා යෝජකයෙකු නිවාඩු ලබාදීම ප්‍රතික්ෂේප කරන්නේ නම් වහාම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නියෝජ්‍ය , සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට දන්වන ලෙසටද ඉල්ලීමක් කර තිබේ.

අනතුරුව එම පැමිණිල්ල දිස්ත්‍රික් කම්කරු කොමසාරිස්වරයාට යොමු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top