Jul 13, 2020

අඟුලානේ සිද්ධියට පොලිස් කොමිසම වාර්තාවක් ඉල්ලයි

අඟුලානේදී පසුගිය සෙනසුරාදා අලුයම පොලිසිය සිදුකල වෙඩි තැබීමකින් සිවිල් වැසියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම විසින් වාර්තාවක් කැඳවා තිබේ.

අද දිනයේදී වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත එය ලිඛිතව යොමු කරන බව කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා පවසයි.

කෙසේ වෙතත් සිදුවීම දැනගත් වහාම වාර්තාවක් ලබාදෙන්නැයි වැඩබලන පොලිස්පතිවරයාට වාචිකව දැනුම්දුන් බවද පොලිස්පතිවරයාගෙන් එම වාර්තාව ලද වහා එය අධ්‍යයනය කර පොලිස් කොමිසමේ නිර්දේශ නිකුත් කරන බවද ඒ මහතා සඳහන් කරයි.

පෙරේදා (11) අලුයම අඟුලානේදී පොලිසිය සිදුකල වෙඩි තැබීමෙන් 39 හැවිරිදි ධීවරයෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙම සිද්ධියට අදාළව පොලිස් සැරයන්වරයෙකු, කොස්තාපල්වරයෙකු සහ කොස්තාපල් රියදුරෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top