Jul 14, 2020

මීගමුව රෝහලේ 8වැනි මහලෙන් වැටුණු රැඳවියා මරුට

හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් මීගමුව රෝහලේ රඳවා සිටි බන්ධනාගාර රැඳවියෙකු ඉන් පලා යාමට උත්සාහ කිරීමේදී එහි 8 වැනි මහලෙන් බිමට ඇද වැටී ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඔහු මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි අතර PCR පරීක්ෂණයක් සඳහා ඔහු මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව සදහන් වේ.

එම පුද්ගලයා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ රෝහලේ සිටින විට ඊයේ (13) රාත්‍රීයේ බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා යාමටඋත්සාහ දරා ඇති අතර එහිදී ඔහු රෝහලේ 8 වැනි මහලෙන් බිමට ඇද වැටී ජීවිතක්ෂයට පත්වී ඇත.

මීගමුව පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top