Jul 14, 2020

කොරෝනා නිසා රාගම මෙල්ස්ටා රෝහල වසා දමයි  

රාගම පිහිටි මෙල්ස්ටා පෞද්ගලික රෝහලේ සේවය කළ කළමනාකරුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ එම රෝහල තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම නිලධාරියා කන්දකාඩු  පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි උපදේශන සඳහා සහභාගී වූ නිලධාරියෙකු බව හඳුනාගෙන ඇත.

කන්දකාඩුහි උපදේශන සඳහා සහභාගී වූ මෙම තැනැත්තාද ඇතුළු උපදේශකවරුන් 32දෙනෙකු මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top