Jul 14, 2020

කොරෝනා නිසා මොබිටෙල් මූලස්ථානය හා නගර සභාවේ ගිණුම් අංශයත් වැසෙයි

කොරෝනා අවදානමක් හේතුවෙන් කොළඹ මොබිටෙල් ප්‍රධාන කාර්යාලය වසා දැමීමට කටයුතු කර තිබේ.

කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කල පුද්ගලයෙක් එහි පැමිනීම හේතුවෙන් මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත.

නිවසේ සිට රාජකාරි කරන්නැයි එම කාර්යාලයේ සේවකයන්ට දැනුම් දී තිබේ.

කෝට්ටේ නගර සභාවේ ගිණුම් අංශයත් වැසෙයි

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිණුම් අංශය දින තුනක් වසා දැමීමට එහි බලධාරීන් පියවර ගෙන තිඛේ.

ගිණුම් අංශයේ නිලධාරිණියගේ සැමියා පසුගිය 03 දින කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශන සඳහා සහභාගී වු නිලධාරියෙකි.

එම හේතුවෙන් මෙම නිලධාරියා ඇතුලු පවුලේ සියලු දෙනා ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top