Jul 15, 2020

Narcotic මූලස්ථානය STF හා පොලිස් බල්ලො දාල පරික්ෂා කරයි! Featured

රහස් පොලිසිය, පොලිස් විශේෂ බළකාය හා පොලිස් නිල සුනඛයන් යොදවා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ((Police Narcotics Bureau) මූලස්ථානය ඊයේ (14) සිට සම්පූර්ණ සෝදිසි මෙහෙයුමකට ලක්කර තිබේ.

කොටුව මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ තෙවැනි මහලේ පිහිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට හදිසි පරීක්ෂාවට ලක්කර ඇත්තේ වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දුන් නියෝගයක් මතය.

මෙහිදී සැක සහිත සුදු පැහැති කුඩු කිලෝවක පමණ පාර්සලයක් හා පතොරම් කිහිපයක් ලොකර්වල තිබී හමුවී තිබේ. 

සොයා ගත් කුඩු වර්ගය කුඩු වෙනුවට කලවම් කිරීමට තිබූ ටයිල් ග්‍රවුට් බවට සැක පහළ වී ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූ නිලධාරීන් ගබඩාවෙන් මත්කුඩු සොරකම් කළ බවට එල්ලවන චෝදනා මත මෙම හදිසි පරීක්ෂාව සිදුකර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top