Jul 15, 2020

දේශපාලන ප්‍රවර්ධනයට දරුවන් ගන්න එපා

මැතිවරණ කාලසීමාව තුළදී බාල වයස්කාර දරුවන් දේශපාලන ප්‍රවර්ධනය සඳහා යොදාගැනීමේ ප්‍රවනතාවයක් පවතින බවට මැතිවරණ නිරික්ෂණ සංවිධාන කිහිපයක් විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

මේ හේතුවෙන් දේශපාලන ප්‍රවර්ධනය සඳහා බාල වයස්කාර දරුවන් යොදා ගැනීමෙන් වළකින ලෙස සියලුදෙනා දැනුවත් කිරිමට කටයුතු කරන්නැයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සියළු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.

එලෙස බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා යොදාගන්නා විඩියෝ පට, වෙළෙඳ නිවේදන, පොස්ටර් හා දැන්වීම් සඳහා යොදාගැනීම බාල වයස්කාර දරුවන්ගේ පෞරුෂ වර්ධනයට, මානසික මට්ටමට, අනන්‍යතාවට සහ අනාගතයට අහිතකර බලපෑමක් ඇති කරන බවද මෙම නිවේදනයෙන් දන්වා තිබේ.  

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top