Jul 16, 2020

කන්දකාඩු 570කට කොරෝනා නෑ - අනිල් ජාසිංහ Featured

කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාධිතයන් පොකුරට අදාළව ඊයේ (15) වැනිදා සිදුකල පී සී ආර් පරීක්ෂණ අතුරින් 570 කට ආසන්න පිරිසකට වෛරසය ආසාධනය වී නොමැති බව තහවුරු වී තිබේ.

රාජාංගණය, රාගම පුද්ගලික රෝහල, කුණ්ඩසාලේ සහ ජා-ඇළ කොටුගොඩ යන ප්‍රදේශවල මෙම පී සී ආර් පරීක්ෂණ සිදුකල බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

එමෙන්ම තවත් ප්‍රදේශ කිහිපයක සිදුකල පී සී ආර් පරීක්ෂණ වාර්තා සම්බන්ධ ප්‍රථීඵල අද (16) දිනයේදී ලැබීමට නියමිත බවද කාර්යාලවල සේවකයින් වෛරසයට ගොදුරුවීම වළක්වා ගැනීම සඳහා ආයතන ප්‍රධානීන්ට දැඩි වගකීමක් පැවරෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය සම්බන්ධ කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ අසත්‍ය ප්‍රචාරණ සිද්ධි සම්බන්ධයෙන් විමර්ශනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිළධාරීන් 26 දෙනෙකු බැගින් සමන්විත විශේෂ විමර්ශන කණ්ඩායම් 03ක් යොදවා ඇති බව පොලිසිය පවසයි.

මේ අතර සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන පුද්ගලයන් සම්බන්ධයෙන් අද සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පොලිසිය අවධාරණය කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top