Feb 14, 2017

'FCIDයට බයවෙන්න එපා' - රාජිත කියයි

සෞඛ්‍ය සේවාවේ උන්නතිය උදෙසා රාජකාරී කටයුතු කිරීමේ දී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට (FCID) බිය වී කටයුතු නොකරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සියළුම සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එම රැස්වීම හම්බන්තොට නව පරිපාලන ගොඩනැගිල්ලේ දී ඊයේ (13) පැවැත්විනි.

“ඇතැම් රාජ්‍ය නිලධාරීන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බයේ රාජකාරි කටයුතු මන්දගාමි තත්ත්වයට පත්කර තිඛෙනවා. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බිය වී රාජකාරී කටයුතු කරන්න එපා. ප්‍රශ්නයක් වුනොත් එහි වගකීම අපි බාරගන්නවා. '' යයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top