Jul 16, 2020

ශ්‍රීලංකන්ට 2020 දී බිලියන 34ක පාඩු? Featured

2020 අප්‍රේල් සහ මැයි මාසවලදී ඇමෙරිකානු ඩොලර් මිලියන 48.7ක (රු. බිලියන 09 ක් පමණ) පාඩු ලැබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, පවතින Covid-19 වසංගතයේ බලපෑම හේතුවෙන්  2021 මාර්තු දක්වා වූ මූල්‍ය වර්ෂය තුළදී ඇමෙරිකානු ඩොලර් මිලියන 185ක (රු. බිලියන 34.4 ක් පමණ) පාඩු ලබනු ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

Covid-19 වසංගතය ආරම්භ වීමට පෙර සිටම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වය අයහපත්ව පැවති බව අමාත්‍යංශය සඳහන් කරයි.

එබැවින්, ගුවන් යානයක කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සංඛ්‍යාව අඩු කිරීම, ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයක් (VRS) හඳුන්වා දීම වැනි අහිතකර තත්ත්වයන් ඉවත් කිරීමට සාකච්ඡා කිරීමටත්, මෙහෙයුම් වියදම් කපාහැරීමටත් ශ්‍රී ලංකන් කලමනාකාරිත්වය කටයුතු කරනු ඇතැයි පැවසේ.

මුදල් අමාත්‍යංශයේ දත්ත අනුව ශ්‍රී ලංකා ගුවන් සමාගමට 2019 දී රුපියල් බිලියන 44.02 ක් අහිමි විය.

(මූලාශ්‍රය : ඉකනොමි නෙක්ස්ට්)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top