Feb 14, 2017

''FCID ලොක්කාගේ කතාව බොරු'' - ගෝඨා, 'ඊ නිව්ස්' පුවත සනාථ කරයි

“ඇමරිකා ගිය FCID ලොක්කා නූලෙන් බේරෙයි !“ යන සිරස්තලයෙන් යුතුව පසුගිය ඉරිදා 'සත්හඬ' පුවත්පතේ පලවී තිබු පුවත බොරුවක් බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

'' එක ෆේක් නිව්ස් එකක්' යයි ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ, ඔහු ඇතුළු ආරක්‍ෂක අංශයේ හිටපු බලධාරීන් 8 දෙනකුට එරෙහි නඩුවක් සඳහා ඊයේ (13) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි අවස්ථාවේදී මාධ්‍යවේදියකු කල විමසීමකදීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකර ඇති දූෂණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ඇමරිකාව බලා ගිය FCID යේ ජ්‍යෙ.නි. පොලිස්පති රවි විද්‍යාලංකාර සහ ප්‍රධාන පො.පරීක්ෂක අනුර ප්‍රේමරත්න දෙදෙනා ඇමරිකානු එෆ්බීඅයි නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට ගිය බවත්, ඔවුන් නූලෙන් බේරුනු බවත් සඳහන් කරමින් පසුගිය ඉරිදා 'සත්හඬ' පුවත්පතේ පලවී තිබු පුවතට ප්‍රතිචාර දක්වමින්, එම පුවත අසත්‍ය බව පළමුවරට අනාවරණය කර සිටියේ 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියයි.

'සත්හඬ' පුවතට ප්‍රතිචාර දක්වමින් 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය විශේෂ වාර්තාවක් පළකර ඇත.


ජඩ මාධ්‍යයට එරෙහි සටනක ?


යහපාලන ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පනතක් මගින් නීති ගත කෙළේ මහජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීමට බවත්, කොහේවත් යන ජඩමාධ්‍ය කාරයන්ට අමූලික කෙප්ප කෙළීමට අයිතියක් ලබා දීමට නොවන බවත් 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය එම විශේෂ වාර්තාව මගින් අවධාරණය කර සිටියි.

ජඩමාධ්‍ය කාරයන් කරගෙන යන භයානක නාටකය නිමා කිරීමට මහජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය සඳහා ක්‍රියා කරන බලධාරීන් කටයුතු කළ යුතු බවත්,  නැතිනම් කෙතරම් නීති අලුතින් හඳුන්වා දුන්නත් මහජනතාවට සෙතක් නොවන බවත් එම වෙබ් අඩවිය පවසයි.


5 වන වගන්තිය ?


තොරතුරු දැන ගැනීමේ පනතේ 5 වන වගන්තිය යටතේ 'සත්හඬ' පුවත්පතට හා එහි කතුවරුන්ට එරෙහිව නීති ප්‍රකාරව ක්‍රියා කිරීමට යන බව ද එම වෙබ් පුවතේ දැක්වේ.

ඒ,  ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පළුදු කිරීමේ චෝදනාව මතය. 

'සත්හඬ'  පුවත්පත සහ ඔවුනට අයත් වෙබ් අඩවිය විසින් රාජ්‍යයන් දෙකක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයන්ද අපහසුතාවයට පත් කරමින් “ඇමරිකා ගිය FCID ලොක්කා නූලෙන් බේරෙයි !“ යන පුවතක් පළකිරීම හා ඒ සම්බන්ධයෙන් වූ පෝස්ටරයක්ද රට පුරා අලවා ප්‍රදර්ශනය කිරීම බරපතල කාරණයක් බව එම වෙබ් පුවතේ දැක්වේ.

ලංකාව විදේශ රටක් සමග පවත්වාගෙන යන රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පළුදු කිරීමේ තොරතුරු ප්‍රචාරය කිරීමට නොහැකි බව තොරතුරු දැන ගැනීමේ පනතේ 5 වන වගන්තියේ සඳහන් වන බව 'ලංකා ඊ නිව්ස්'  එම විශේෂ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.


සබැඳි පුවත් :


ගෝඨාගේ පුවත : 'සත්හඬ' කතුවරුන් අත්අඩංගුවට !
ගෝඨාගේ පුවත බොරු - 'කෙප්ප කෙළීන්න දෙන්න බැහැ ' - ඊ නිව්ස්

FCID ලොක්කගේ කතාව ගෝඨාගේ ප්‍රබන්ධයක්
ඇමරිකා ගිය FCID ලොක්කා නූලෙන් බේරෙයි !

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top