Feb 14, 2017

එකඟතාවයක් - සයිටම් අර්බුදය නිමයි ?

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් අවසන් විසදුමක් ලැබෙන තුරු එහි වෛද්‍ය උපාධිය සදහා වූ නව බදවා ගැනීම් මාස හයකට කල් දැමීමට තීරණය වී ඇත.

එම කාලය තුලදී ආයතනය විධිමත් ලෙස ප්‍රමිතියකට ලක් කිරීමටද වෛද්‍ය උපාධිය සමත් වන සිසුන් රජයේ වෛද්‍ය සභාව විසින් පවත්වන විභාගයකට වාඩි කරවීමටද එකග වී ඇත.

මෙම තීරණයවලට එළැඹ ඇත්තේ උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල, උසස්‌ අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු, අමාත්‍යාංශ ලේකම් ඩී.සී. දිසානායක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සභාපති, එහි උප සභාපති හා මෙරට වෛද්‍ය පීඨ අටෙහිම පීඨාධිපතිවරුන් සහ නියෝජිතවරුන් සමග ඊයේ (13) පැවති සාකච්චාවකදීය.

මෙම යෝජනා සම්බන්දයෙන් සයිටම් ආයතනයද එකගතාවය පලකර ඇතැයි වාර්තාවේ.


තවදුරටත් තර්ජන :


මේ අතර සයිටම් විරෝධි සිය ක්‍රියාකාරකම්වලට තවදුරටත් ප්‍රහාර සහ තර්ජන එල්ල වෙමින් ඇතැයි පෞද්ගලික වෛද්‍ය විරෝධි මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය වෙනුවෙන් කරුණු දැක්වූ වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසුවේ ඇල්පිටිය රෝහලේ කාර්ය මණ්ඩලයට ඉකුත්දා කෙරුණු තර්ජනයක් ඊට උදාහරණයක් බවයි.

ආයුධ සන්නද්ධව එවැනි පිරිසක් මෙම තර්ජනය සිදු කර ඇතැයි ඔහු පැවසිය.

ඇල්පිටිය රෝහලේදී සිදුවූ තර්ජනය කිරීම් පිළිබඳ  පැමිණිලි කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top