Pasidol
Sathosa Ad Final Sinhala
Feb 14, 2017

සසිකලා තීරණාත්මක පියවරක් ගනී

වී. කේ. සසිකලා වරදකාරිය කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පැය දෙකක් යන්නටත් පෙර ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. නියෝජිතයන් හමුවූ පක්ෂයේ මහ ලේකම් වී. කේ. සසිකලා පක්ෂ නායකත්වයට ඊ. කේ. පලනිසාමි පත්කරගෙන ඇත.

එමෙන්ම ඇයට එරෙහි වූ වැඩබලන මහ ඇමති ඕ. පන්නීර්සෙල්වම් පක්ෂයෙන් නෙරපීමටද ඔවුන් යෝජනාවක් සම්මත කරගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කෙසේ නමුත් දඬුවම් නියමවීමෙන් පසු සසිකලා මෙහෙයවූ මෙම පත්කිරීම් නීත්‍යානුකූල වන්නේදැයි මෙතෙක් පැහැදිළි නැති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තමිල්නාඩු ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ මහ ලේකම් වී. කේ. සසිකලා අයථා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් නඩුවකින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (14) වරදකාරිය කෙරිණ. ඒ අනුව ඇයට වසර 04ක සිර දඬුවමක්ද හිමිවනු ඇත. වසර 10ක කාලයක් දේශපාලනයේ නිරත වීමද ඇයට තහනම් වනු ඇත.

මෙම නඩුව මුලිකව පවරා තිබුණේ තමිල්නාඩු හිටපු මහ ඇමතිණි ජයලලිතා ජයරාම්ට එරෙහිවය. සිය පළමු ධුර කාලයේදී ඉන්දිය රුපියල් කෝටි 60ක වත්කම් අයථා ලෙස උපයා ගැනීම ඇයට නගා තිබූ චෝදනාව විය.

වී කේ සසිකලා චෝදනාවට ලක්ව සිටියේ මෙම දුෂණ ක්‍රියා සඳහා ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙනි.

(නෙත් නිව්ස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top