Jul 27, 2020

කොළඹ ඡන්ද ඉල්ලන පිරමීඩ් ජාවාරම්කාරයා: කෝටි ගණන් විසිකරන මාතර හාදයා Featured

පසුගිය කාලයේ මෙරට ක්‍රියාත්මක වූ පිරමීඩ ජාවාරමට සම්බන්ධව සිටි අයෙකුට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයකින් නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ඇතිව අතැයි වාර්තා වේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් තරගවදින අදාළ අපේක්ෂකයා හිටපු මහ බැංකු අධිපතිවරයකු සමඟ පිරමීඩ ජාවාරමට සම්බන්ධව සිටි බව පැවසේ.

එසේම ඔහු රාජපක්ෂ ආණ්ඩුවේ සභාපති ධූරයක්ද දරණ ලද අයෙකි.

දන් දී දියවන්නා තරණයට සැරසෙන්නෝ..

මේ අතර ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක අපේක්ෂකයන් 10කට අඩු ප්‍රමාණයක් මැතිවරණය ජය ගැනීමට කෝටි ගණනින් වියදම් කරමින් සිටින බවට ද නිරීක්ෂණය වී තිබේ.

මැතිවරණ නීති රීතිවලට අනුව අපේක්ෂකයකුට නම, අංකය, ලකුණ සහිත වාහන භාවිතා කළ හැක්කේ එකක් පමණක් වුවත්, මේවා වාහන 10ක පමණ භාවිතා කරන අපේක්ෂකයන් 30 දෙනෙකු පමණ සිටින බව මේවන විට නිරීක්ෂණය වී තිබේ.

මේ අතර, රුපියල් 500 සිට කෝටි ගණනකට යන ඡන්ද ඔට්ටු ද ක්‍රියාත්මකව ඇතැයි මාධ්‍ය වාර්තාකර තිබේ.

එසේම රත්නපුර ඇතැම් අපේක්ෂක අපේක්ෂිකාවක් මෙතරම් මුදලක් මහ ඡන්දයට වියදම් කරන්නේ කෙසේදැයි යන පැනයද පැනනැගී ඇති බව සතිඅන්ත පුවත්පතක් හෙළිකර තිබිණි.

කෙසේවුවද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ මන්ත්‍රීවරියක ලෙස වසර 5ක කාලයම සම්පූර්ණ කළ ද එම කාලයටම ඔහුට හෝ ඇයට හිමිකරගත හැක්කේ මූලික වැටුප ලෙස රුපියල් තිස්පන්ලක්ෂයකට ආසන්න මුදලක් බව පැවසේ.

දකුණේ එක්තරා අපේක්ෂකයකු සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා රුපියල් කෝටි 15ත් 25ත් අතර මුදලක් වියදම් කරමින් සිටින බව පැවසේ.

මේ අතර, ප්‍රධාන මාධ්‍ය පෙන්වාදෙන්නේ ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයකු කෝටි 10කට අඩු මුදලක් වියදම් කිරීම නොමළ ගෙයකින් අබ ඇටයක් සෙවීම තරම් අපහසු බවයි.

කොළඹ දේශපාලන අපේක්ෂකයන් කිහිපදෙනෙකු සති අන්ත පුවත්පත් සමඟ පිටු අටේ අතිරේක බෙදාදී තිබිණි.

ඒ අතර කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මියගේ පුත් කනිෂ්ක සේනානායක හා උපන් බිමට ණය නැති සරත් වීරසේකරද සිටී. 

කනිෂ්ක සේනානායක මහතාට මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු කෝප් කමිටුව හමුවේ ලබාදුන් සාක්කිවල පිටපත් එහි සාමාජිකාවක වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මියගේ පුත් කණිෂ්ක සේනානායක විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලබා දී ඇති බවට ද චෝදනාවක් එල්ලවී තිබේ.

මෙවැනි අතිරේකයක් කොළඹ දිස්ත්‍රික්කයේ බෙදාහැරීමට රුපියල් මිලියන 1.2ක් පමණ වැය වන බව අප කළ සොයා බැලීමකදී හෙළිවිය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top