Jul 28, 2020

හෙල්මට් නැතිව වැඩ දැම්ම සනත් ගැන වාර්තාවක් ඉල්ලයි

පුත්තලම දිස්ත්‍රීක් මැතිවරණ අපේක්ෂකයෙක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් පසුගියදා හිස් ආවරණ නොමැතිව යතුරු පැදියක නැගී ප්‍රචාරන කටයුතුවල නිරතවීම පිළිබද වැඩබලන පොලිස්පතිවරයා විසින් වාර්තාවක් කැඳවා තිඛේ.

ඒ වයඹ පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් වන අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිමට මෙලෙස මෙම වාර්තාව කැඳවා ඇත.

සනත් නිශාන්ත මහතා විසින් සිය ආධාරකරුවන් පිරිසක් සමග යතුරු පැදිවල නැගී හිස් ආවරණ නොමැතිව ගමන් කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් පසුගියදා සමාජ මාධ්‍ය තුල හමුවාමාරු වෙමින් තිබුණි.

කෙසේවෙතත් ඔවුන් යතුරු පැදිවලින් හිස් ආවරණ නොමැතිව ගමන් කරන අවස්ථාවේදී පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුද එම ස්ථානයේ සිටින අයුරු එම ඡායාරූපවල දැක්විණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top